Sunday, August 10, 2014

ice dragon

වයිරස් අල්ලන වෙබ් බ්‍රව්සරය



ඔන්න ඔයාලට වැදගත් කියල හිතෙන ලිපියක් අරගෙන අවා.ගොඩක් අයට තියෙන කරදරයක් තමයි internet යනකොට පරිගණකයට වයිරස් එන එක.ඔන්න ඒ කරදරේ නැති කරගන්න පුළුවන් විදියක් ගැන මේ ලිපියෙන් කියල දෙනව.ඉතින් මේ කියන්න හදන්නෙ internet යනකොට ඔයාලගේ පරිගණකයට වයිරස් එන එක වලක්වන වෙබ් බ්‍රව්සර් එකක් ගැන.ඒ තමයි ice dargon වෙබ් බ්‍රව්සරය.

අයිස්ඩ්‍රැගන් (ice dragon) වෙබ් බ්‍රව්සරය ගැන කියනවනම් සාරලව හා වේගවත්ව හසුරවන්න පුළුවන්.මෙතනින් ගිහින් නොමිලේ ice dragon web browser එක බාගන්න පලුවන්.මේ වෙබ් බ්‍රව්සරයේ ඉන්ටෆේස් එක ෆයර්ෆොක්ස් පාදක කර ගත් වෙනත් වෙබ් බ්‍රව්සර් වලට වඩා වෙනස් එකක්.


මේ හරහා වෙබ් අඩවියකට යනකොට මැල්වෙයා වැඩසටහන් තිබෙනවද කියල පරික්ෂා කරනව.එහෙම තිබොනොත් ඔයාගෙ පරිගණකයට එන එක වළක්වනවා.මෙම වෙබ් බ්‍රව්සර් එක ගොඩක් වේගවත්.එහෙම වේගවත් වෙලා තියෙන්නේ මොකක් හරි වෙබ් පිටුවක් සකසලා පෙන්වන්න ගත වන වෙලාව අඩු කරන්න විශේෂ උපක්‍රම ice dragon වෙබ් බ්‍රව්සර් එකේ තියෙන නිසා.
කලින් කිව වගේ මේ හරහා විවෘත්ත කරන හැම වෙබ් පිටුවක්ම ස්වයංක්‍රියවම වයිරස් පරීක්ෂාවකට ලක් කරනව.නිකන් එහෙම සැටිස් නෑ නෑ වගේනම් ඔයාටම පුළුවන් ආපහු වයිරස් පරීක්ෂාවක් කරන්න.එක කරන හැටිත් කියන්නංකො,
                                           ඉස්සරවෙලාම වෙබ් පිටුව open කර ගන්නකො.ඊට පස්සේ වෙබ් බ්‍රව්සරයේ දකුණු පැත්තේ උඩම තියෙනව make a page scan with comodo web inspector කියල බටෝන් එකක්.ඒක ක්ලික් කරාම වැඩේ හරි ඔන්....හැබැයි මේකත් කියන්න ඕන.ඔයාම scan කරන්න දුන්නාම ටිකක් ස්ලෝව්.ඒ උනාට සුප්ප එකට scan වෙනව.මේකේ තවත් ඔයාලට වැදගත් වන දෙයක් තියෙනව.වෙබ් පිටුවක තියෙන දෙයක් සමාජ ජාල(facebook වගේ) වෙබ් අඩවියකට ෂෙයාර් කරන්න පුළුවන්.ඔන්න එකත් කරන හැටි කියනවා,
             
         

       ඔයාට ෂෙයාර් කරන්න ඕන වෙබ් පිටුව open කරලා වෙබ් බ්‍රව්සරයේ දකුණු පැත්තේ උඩ තියෙන share this page in social කියන බටොන් එක රයිට් ක්ලික් කරනව.එතකොට ෆේස්බුක්,ටුවිටර් වගේ සමාජ ජාල වෙබ් අඩවි වල අයිකන් පෙන්වනව.ඔයාට ෂෙයාර් කරන්න ඕන එක තෝරලා ok කරන්න.ඔන්න එතකොට සුපුරුදු පරිදි යුසර්නේම් එකයි පාස්වඩ් එකයි ඉල්ලනව.එකත් දුන්නාම ඔයාට ඕන සමාජ ජාල වෙබ් එකට යනවා.දැන් පුළුවන් ඔයා කලින්  open කරපු වෙබ් පිටුව ෂෙයාර් කරන්න.

ice dragon නොමිලේ බාගන්න මෙතනින් යන්න.....___------->>>>>>

No comments:

Post a Comment