Saturday, August 9, 2014

යැංකි උකුසු ඇස

ඇමරිකාව පිටරටවල ඔත්තු බලන පරිගණකයක් තනයි

වෙනත් රටවල ඔත්තු බැලීමට ඇමරිකාව විසින් ඇති ප්‍රබල පරිගණකයක් නිර්මාණය කර ඇති බව ඇමරිකාවේ සිටි ඔත්තු බලන නිලදාරියෙක් වන එඩ්වඩ් ස්නොඩන් කියල තියෙනව.ඇමරිකාවේ ආරක්ෂක ඒජන්සියක් වන (NSA) ක්වොන්ටම් පරිගණකයක් තනා ඇත,ඩිජිටල් ආරක්‍ෂිත උපක්‍රම ඇසුරෙන් සගවා ඇති (encrypted) දත්ත ඉක්මනින් සහ පහසුවෙන් කියව ගන්නට එම පරිගනකයෙන් පුළුවන.ලෝකයේ ඕනෙම රටක බැංකු,රාජ්‍ය ආයතන,තානාපති කාර්යාල,වෙළද සමාගම් වලට අයත් රහස් තොරතුරු කියව ඔත්තු බලා ගන්න පුළුවන්.මෙම පරිගණකය නිර්මාණය කරන්න 'penetrating hard targets' නමින් ව්‍යාපෘතියක්ද අරම්න්භ කරල තියෙනවා.මේකට කෝටි 08ක පමණ අරමුදලක්ද සපයලයි තියෙන්නේ.දැනට මෙම පරිගණකය එකලස් කරල සාර්ථකව ක්‍රියාත්මක කරල බලල තියෙනව ඇමරිකාවේ මේරිලන්ඩ් ජනපදයේ තැනකදී.මෙම ක්වොන්ටම් පරිගණකයෙන් එකවර දත්ත විශාල ප්‍රමාණයක් කියවීමේ හැකියාව වගේම විසදන්නට බැහැ කියන ආරක්ෂක දත්ත සැනකින් සකසල දෙනවලු.එයට හසු නොවන සේ දත්ත සගවන්න ක්‍රමයක් නැහැ.එසේ සිදු වන්නේ මෙම පරිගණක වල තාක්ෂනය ඩිජිටල් පරිගණක වල තාක්ෂණයට වඩා වෙනස් නිසාලු.

සාමාන්‍ය පරිගණක වල දත්ත නියෝජනය කරන්නේ 0 සහ 1 වශයෙන් සටහන් කර තේරුම් ගන්නා එකිනෙකට වෙනස් සිදුවීම් දෙකක් (එනම් ඇත සහ නැත යන සිදුවීම් දෙක ) අනුසාරයෙනි.ට්‍රාන්සිස්ටරයක් හරහා විදුලිය ගමන් කරවා ලබා ගන්නා ස්පන්දන රටාවකට අනුව.මෙහෙදී දත්ත මනින්නේ බයිනරි ඩිජිට් හෙවත් බිට් (bit) වලනි.ක්වොන්ටම් පරිගණක වල දත්ත නියෝජනය වන්නේ උප පරමාණුක අංශු වල ක්වොන්ටම් අවස්ථා පාලනය කර ලබා ගන්නා තරංග රටාවකට අනුවය.මෙහෙදී දත්ත මනින්නේ ක්වොන්ටම් බිට්ස් හෙවත් ක්වොබිට්ස් (qubits) වලින්ය,එහෙදි එකවරකදී 0 සහ 1 යන සිදුවීම් දෙකෙන් එකක් නොව  අතරමැදි අවස්ථාවක් වෙතොත් එයද ග්‍රහණය කර ගැනීමට පුළුවන්.එනම් 0,1 සහ 01ලෙසය.බොහෝ ක්වොන්ටම් පරිගණක තිබෙන්නේ පරීක්ෂණාගාර වලය.ලොව දැනට ඇති එකම වාණිජ ක්වොන්ටම් පරිගණක පද්දතිය කැනඩාවේ ඩි වේව් සමගම විසින් සකසන ලද  ඩි වේව් (D weva)ය.එය වර්ග මීටර් 10ක ප්‍රදේශයක අසුරා ඇති ක්වොබිට්ස් 512ක ප්‍රොසෙසරයකින් ක්‍රියාත්මක වේ..

No comments:

Post a Comment