පොලීසිය
සර් කැම්පස් කොල්ලො පාරට බැහැල.මොකද කරන්නෙ ?ගහන්ඩද ? වෙඩි තියන්නද ?
බැටන් පොල්ලෙන් ගහල උන් හදන්න බෑ ඕයි.වෙඩි තියල දානවා...අනික මෙච්චර සල්ලියක් විදන් කරලා ඕව අපිට දුන්නේ ඩෙංගු මදුරුවෝ මරන්න නෙමෙයිනේ....
එත් සර් හත්ක් අටක් මැරුනොත් මොකද කරන්නෙ ?
ඒවා ලොක්කා බලා ගනී.උන්නැහේ කියයි,
විශ්ව විද්‍යාලයේ සිසුන් පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කලාය.එතකොට තත්වය පාලනය කිරීමට අහසට වෙඩි තිබ්බාය.එහිදී ඇති වූ යම් සිද්දීය්යක් හේතු කොට ගෙන සිසුන් පස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කලාය.රෝහලේදී ඔවුන් මිය ගියාය කියල.....
එත් සර් අහසට වෙඩි තියද්දි කොහොඅද මැරෙන්නේ ?
ආ....ඒ ගැන ලොක්කා පුර්ණ පරීක්ෂණයක් තියල විමර්ශනයක් කරනව කියල..
ඒක මරු නේද සර්ර්ර්ර්........
............................................................................................................................................
විදුලිය
මන්ත්‍රී තුමා සිය බිරිද සමග රාත්‍රී ආහාර ගනිමින් සිටියදී හදිස්සියේම විදුලිය ඇන හිටියේය.පසුව ඔහු ඉටිපන්දමක් දල්වා ආහාර ගැනීමට වුහ.
හරිම දාඩියයි !, බිරිද කිවය.
ඉන්න මම ෆෑන් එක දැන්නම්...
මන්ත්‍රී තුමා නැකිට්ටේය.
ඔයාට පිස්සුද ? එතකොට ඉටිපන්දම නිවෙයිනේ..
බිරිද සැර වුවාය....
............................................................................................................................................
එතකොට මෙයා කාගෙද?
විවාහකයෙකු වුවද අමල් බොහෝ විට උත්සකලේ තනිකඩයෙකු සේ සැහැල්ලුවෙන් ජිවත් වීමටය.තම දරු දෙදෙනාගේ වගකීම් හැකි සැම විටකදීම බිරිද වෙත පැවරිමටත් ඇය දෙදරු මවක් බව ඒ හැම විටකදීම මතක් කර දීමටත් ඔහු පුරුදුවී සිටියේය.
උදේ රාජකාරි සදහා යාමට මෝටර් රථයට ගොඩවෙමින් අමල් තම බිරිදට මෙසේ කිවේය."එහෙනං මම ගිහින් එන්නම් දෙදරු අම්මේ"
බිරිද සැහැල්ලුවෙන් සිනාසී ත වනා මෙසේ කිවය."හොදයි පරිස්සමෙන් ගිහින් එන්න එක්දරු තාත්තේ"
............................................................................................................................................
No comments:
Post a Comment