මම අද ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ අලුතින් ආව Game එකක් ගැන...බලන්නකෝ හොදද කියල//... .ට්‍රක්ස් ඇන්ඩ් ට්‍රේලර්ස් පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩකයාට ට්‍රක් රියදුරෙකු ලෙස ක්‍රීඩා කිරීමට සිදු වේ.මෙහෙදී තමන්ට ලැබෙන විශාල ට්‍රක් රථයේ භාණ්ඩද පටවාගෙන ලබා දෙන කාල සිමාව තුලදී නියමිත ස්ථානයට ගෙන යා යුතුය.එය භාධක සහිත ගමනකි.
ඕනෙම අවස්ථාවක ධාවනය අරබන්න කලින් ට්‍රක් රථය ධාවනයට සුදුසු තත්වයෙන් තිබේද යන්න ගැන පරික්ෂාකාරී විය යුතුය.එහි ටයර්,බ්රේක් සහ ඉන්දන ප්‍රමාණය ගැන සොයා බැලිය යුතුය.ධාවනයේදී ඉන්ධන ප්‍රමාණය පෙන්වයි.ගමන අතර මැද හමුවන ඉන්දධන පිරවුම්හල් වලින් ඉන්දන පුරවා ගත හැකිය.ඇතැම් අවස්ථා වලදී රථය ධාවනය කල යුත්තේ පටු හෝ වංගු සහිත මාර්ග වලය.තවත් අවස්ථා වලදී මාර්ගය හරහා ඊට ඉහලින් පාලම් හෝ විශාල පුවරු වැනි භාධක යොදා තිබේ.එවැනි තැනක් හමු වූ විට තමන් ගෙන යන භාණ්ඩ හෝ රථයේ උස පිළිබද සැලකිලිමත් විය යුතුය.නැතිනම් අනතුරක් සිදු වී ලකුණු අඩු වේ.ඇතැම් අවස්ථා වල පටු ස්ථාන වල රථය ගාල් කිරීමට ක්‍රීඩකයාට සිදු වේ.
මෙම පරිගණක ක්‍රීඩාවේ ග්‍රැෆික් නිර්මාණ ත්‍රිමාණ රූපිව ඇත.ක්‍රීඩකයාට ලැබෙන ට්‍රක් රථද ලෝකයේ දැනට ඇති ජනප්‍රිය ඒවායඑහි වෙළද නාම පාවා ඒ ලෙසටම යොදා තිබෙනවා.එසේම මාර්ගයේ වෙනත් වාහන මිනිසුන් මෙන්ම ගොඩනැගිලි ඇතුලත් පරිසරයක් ඇත.
වැඩි විස්තර මෙතනින් ලබා ගන්න.!!!
No comments:
Post a Comment