Friday, August 22, 2014

History of computer (සිංහලෙන්)

ඉතින් කොහොමද ඔයාලට?..ඔන්න අදත් මම වැදගත් ලිපියක් ඔයාලට දෙන්න හදන්නෙ..අද කියන්න යන්නේ කම්පියුටරයේ ඉතිහාසය ගැන..අපි හැමෝම කම්පියුටර් පාවිච්චි කරනවනේ.ඉතින් මේ ගැනත් ටිකක් හරි දැනගන්න එක හොදයිනෙ...



අද වෙනකොට කම්පියුටරය ගැන නොදන්නා කෙනෙක්වත් භාවිතා නොකරන කෙනෙක් නැති තරම්...ඒත් අතීතයේ අද වගේ නෙවෙ කම්පියුටර් ගැන දන්නා අය අතේ ඇගිලි ගානටත් වඩා අඩුයි..කම්පියුටරයට දිග අතීතයක් තියෙනව.කම්පියුටරය යන වචනය ඉස්සෙල්ලම යොදගෙ තියෙන්නේ 1613 ඉංග්‍රීසි ලේඛකයෙක් වන රිචර්ඩ් බ්‍රෙනෙඩ් කියන කෙනා ලියපු යන්ග් මහන්ස් ග්ලිනින්ස් කයන පොතෙන්.."මම ඇත්තම කම්පියුටරක් දුටුමි" ඒ හුස්ම ගන්නා එකම  කම්පියුටරය ඔබේ දහසක් දේ කෙටි අංකයක් දක්වා අඩු කරයි.කලින් කිව පොතේ තමයි මෙහෙම ලියල තිබුනේ.පොතේ සදහන් කරලා තියෙන්නේ ගණනය කිරීමට දක්ෂ යම් පුද්ගලයෙක් ගැන..කම්පියුටරය කියන වචනයේ තේරුම ගණනය කරන්නා කියන එක.ගණනයට දක්ෂ අය හදුන්වල තියෙන්නේ මේ නමින්.පහු පහු වෙනකොට ඉතින් මේ වචනය ගණනය කිරීමේ යන්ත්‍ර වලට යොදාගෙන..



1930 දී ඩොලිස් නිල් හි තැපැල් කාර්යාල මද්‍යස්ථානයේ ඉංජිනේරුවෙකු විදිහිට සේවය කල ටොම් ෆ්ලවර්ස් කියන කෙනා දුරකථන හුවමාරු සදහා විද්‍යුත් තාක්ෂනය හොද ගැනීම සදහා පර්යේෂණ කරල 1934දි අමාරුවෙන් උපකරණයක් හදාගෙන ඊට අවුරුදු 5ට පස්සෙ තමයි දුරකථන හුවමාරු ජාලය වෙත යොදාගෙන තියෙන්නේ...

 ඇමරිකාවේ ජෝන් වින්සන්ට් ඒටනසොෆ් හා ක්ලිෆර්ඩ් ඊබෙරි විසින් ඉයෝවා ප්‍රාන්ත විශ්වවිදයලයේදී පරීක්ෂණ කරලා 1942 දී ඒටනසොෆ් බෙරි (ABC) කියන කම්පියුටර හදල තියෙනව..එය ප්‍රථම විද්‍යුත් අංක ගණනය කිරීමේ උපකරණය විදියට වාර්තා උනාලු..

ඒටනසොෆ් බෙරි කම්පියුටරය


දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මන් හමුදාවේ සන්නිවේදන ක්‍රියාවලියට බාධා කරන්න බ්‍රිතාන්‍ය විසින් කම්පියුටර් තාක්ෂණයක් යොදාගෙන.එය වැඩි දියුණු කරන්න ෆ්ලවර්ට භාර දුන්නට පස්සේ මාස 11ක් දුක්විදල නිශ්චිත වැඩ සටහන් සැලැස්මක් ඇති විද්‍යුත් අංක කම්පියුටරයක් හදල කොලෝසස් නමින් නම් කරා..එහෙත් එය සම්පුර්ණ කම්පියුටරයක් නොවේ..වේගවත් හා  නම්‍යශීලි කම්පියුටරයක් ලෙස ඇමරිකාවේ යුධ හමුදාවේ ගණනය කිරීම් වලට නිර්මාණය කල ENIAC නම් කරන්න පුළුවන්..මෙම කම්පියුටරය පෙන්සිල්වේනිය විශ්වවිද්‍යාලයේ ජෝන් මෝච්ලි සහ ප්‍රෙස්පර් එකර්ට් කියන දෙදෙනා සංවර්ධනය කරලා තියෙනව.මෙය ක්‍රියාකාරී තත්වයට ගෙන එන්න අවුරුදු 2ක් මහන්සි වෙලා තියෙනව..එහි මතකය බයිට් 80යි.ඒ කියන්නේ වචන 20ක් විතර තමා මතක තියා ගන්න පුළුවන්..

ඇමරිකා හමුදාවේ පළමු කම්පියුටරය(1943)


ඔහෝම හදපු කම්පියුටර් අද අතේ හරි සාක්කුවේ හරි ගෙන යන්න පුළුවන් උනාට එදා හදපු කම්පියුටර් ටොන් 30ක් බර හා කිලෝවොට් 200 විදුලි ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙනව.....

No comments:

Post a Comment