Sunday, July 27, 2014

blog එකක් හදන්න ඉගෙන ගන්න...


බ්ලොග් එකකින් පුළුවන් තමන් දන්න දේවල් හරි තමන්ගේ හිතේ තියෙන දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්න.ඉතින් මමත් හිතුව මගේ අදහස් ඔයාලත් එක්ක බෙදා ගන්න.ඒක නිසා මම බ්ලොග් එකක් හැදුව.දැන් ඔයාලත් අසාවෙන් ඉන්නවනේ එකක් හදන්න...ඔන්න එහෙනන් බ්ලොග් එකක් හදමු.වැඩේ අමාරු නෑ.
බ්ලොග් එකක් හදා ගන්න නොමිලේ දෙන සේවාවල් ඕන තරම් තියෙනව.ඒවා ගැන මම ගොඩක් දන්නේ  නෑ.මම ඔයාලට කියන්නන් ලේසියෙන්ම බ්ලොග් එකක් හදාගන්න විදිය.හැමෝම දන්නවනෙ google ගැන.google ලගේ තියෙනව blogger සේවාවක්.

මේකට ඔයාට ඕන වෙනව Gmail Account එකක්.ඔයාල Gmail භාවිතා කරනවානම් දැනටමත් ඕක තියෙනවනේ..තියෙන අය අලුතින් එකක් හදා ගන්න එක කෝකටත් හොදයි.එහෙනන් මෙන්න මෙතනින් ගිහින් Gmail Account එකක් හදා ගන්නකො...ඔයාලගේ Browser එක Chrome හරි Firefox හරි වෙන්න ඕන.

ඊට පස්සේ www.blogger.com එකට යන්න.එතකොට ඔයාට එනවා මේ වගේ එකක්.ඔය අර කලින් හදපු Email එකේ Username එකයි Password එකයි දීල


Sign in කරන්න.ඊට පස්සේ එයි මේ වගේ එකක්....


continue to blogger කිලික් කරන්න.ඔන්න එතකොට ඔයාට එයි මේ වගේ එකක්...


මේක වගේ එකක් අව නේද? එක තියෙනව New blog කියල.එකට ගියාම පහල රූපෙ තියෙනව වගේ එකක් එනවා.



Title කියල තියෙන තැනට ඔයාගේ ග්ලොග් එකේ නම දෙන්න.ඔය බ්ලොග් එකේ ලියන දේවලට ගැලෙපෙන නමක්නම් ගොඩක් හොදයි.Address එකට බ්ලොග් එක address එක දෙන්න.ඔය කැමති එකක් දෙන්න.

Template කියන්නෙ ඔයාගේ බ්ලොග් එක අනිත් අයට පෙනෙන විදිය.කැමති එකක් තොරල Create blog කරන්න.ඔන්න බ්ලොග් එකක් හදන වැඩේ හරි.එහෙනන් දැන් ඔයාටත් බ්ලොග් එකක් තියෙනව.


දැන් අදහස් මෙතන ලියල Publish post දුන්නම ඒක බ්ලොග් එකෙන් බල ගන්න පුළුවන්...



අයෙමත් ලිපියකින් මම ඔයාලව හම්බවෙනකන් ඔයාලට ජය වේවා!!!!!



No comments:

Post a Comment