Sunday, August 24, 2014

face book එකෙන් සල්ලි හොයන්න

ඔන්න

FB එකෙන් සල්ලි හොයන හැටි

ඔන්න යාලුවනේ fb යන යාළුවන්ට නියම ලිපියක් මේක...හැමදාම fb යන ඔයාලට සල්ලි දෙනවනන් හොදයි නේද.ඉතින් ඔන්න එක කරන්නෙ කොහොමද කියල කියල දෙන්න හදන්නෙ...මේක ලේසිම ලේසි වැඩක්..අපිට කරන්න තියෙන්නේ FANPAGES වලට like දන්නා...හැබැයි කරන්න කලින් වෙනම ටැබ් එකක් දාල fb එකට log වෙලා ඉන්න....

මෙන්න වෙතනින් ගිහින් free account එකක් හදාගන්න


PICTURE එකේ වගේ JOIN NOW  කියන තැන CLICK කරන්න.ඊට පස්සේ FLANSLAVE එකෙන් දෙන form එක හරියට පුරවන්න.form එක පුරවලා ඉවරවෙලා I ACCEPT CREAT MY ACCOUNT CLICK කරන්න.

 හරි දැන් තියෙන්නේ FB ACCOUNT එක FANSLAVE එකට Connect කරන්න.හදාගත්තු account එකට log වෙලා ඒ‍ෙක් FB CONNET කියන Button එක Click කරන්න.

දැන් ඔයාගේ FB ACCOUNT එකට FANSLAVE  CONNECT වෙනවා.
එහිදී ඔබගෙන් පැනයක් ඇහුවොත් ALLOW කියලා දෙන්න.

මුලින්ම රෙඡිස්ටර් උනාම ඔයාලට යුරෝ 0.25 දෙනවා.

යුරෝ 15 හෙවිවට පස්සේ ALERTPAY වලින් සල්ලි ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්
දැන් ඔයාට LIKE කරන්න තියෙන PAGES බලාගන්න YOUR ACCOUNT>...Facebook over view ගිහින් බලන්න.


 ඔයාලගේ ගෙදර ලිපිනය ඔන වෙන්නේ පලවෙනි සැරේට මුදල් ගෙන්න ගන්නකොට.PIN number එකක් ඔයාලගේ ගෙදරටම එවනවා.ඒ වැඞි ආරක්ෂාවට.


ඔයාලා pages වලට like කරලා ඉවර වෙලා UPDATE CREDITS CLICK කරන්න.එතකොට FACEBOOK PAGE එකට LOG වෙලා ටික වෙලාවක් තියෙනවා.ඊට පස්සේ ඔයාලගේ CREDIT ගාන වැඞි වෙනවා.






Friday, August 22, 2014

විදු ඇස

අපි ජිවත් වූ කාලය තුල අප එදිනෙදා බොහෝ දේ කලත් ඇතැම් දේ සිදු වන්නේ ඇයිද යන්න බොහෝ විට සිතන්නේ නැත..



එසේ සිතුවද එහි විද්‍යාත්මකව සිදු වන්නේ කුමක්ද යන්න අප කෙදිනකවත් සිතන්නේ නැත..
මත්පැන් පානය කල යේ කෙලින් නොයන බව දනී...එහෙත් කෙලින් යා නොහෙක්කේ ඇයිද කියා ඔබ මොහොතකටවත් සිතුවාද...?
කටුස්සන් පාට වෙනස් කරන බව අප දන්නා මුත් කටුස්සා පාට වෙනස් කරන්නෙ කොහොමද කියා සිතුවාද....
මෙපමණක් නොව මෙවැනි  බොහෝ දේ අප දන්නා නමුත් එය සිදු වන්නේ කෙසේද යන්න බොහෝ විට නොදනී...
ඉතින් එකී නොකී සියලුම දේ දැන ගන්න එන්න විදු ඇස වෙතට.



History of computer (සිංහලෙන්)

ඉතින් කොහොමද ඔයාලට?..ඔන්න අදත් මම වැදගත් ලිපියක් ඔයාලට දෙන්න හදන්නෙ..අද කියන්න යන්නේ කම්පියුටරයේ ඉතිහාසය ගැන..අපි හැමෝම කම්පියුටර් පාවිච්චි කරනවනේ.ඉතින් මේ ගැනත් ටිකක් හරි දැනගන්න එක හොදයිනෙ...



අද වෙනකොට කම්පියුටරය ගැන නොදන්නා කෙනෙක්වත් භාවිතා නොකරන කෙනෙක් නැති තරම්...ඒත් අතීතයේ අද වගේ නෙවෙ කම්පියුටර් ගැන දන්නා අය අතේ ඇගිලි ගානටත් වඩා අඩුයි..කම්පියුටරයට දිග අතීතයක් තියෙනව.කම්පියුටරය යන වචනය ඉස්සෙල්ලම යොදගෙ තියෙන්නේ 1613 ඉංග්‍රීසි ලේඛකයෙක් වන රිචර්ඩ් බ්‍රෙනෙඩ් කියන කෙනා ලියපු යන්ග් මහන්ස් ග්ලිනින්ස් කයන පොතෙන්.."මම ඇත්තම කම්පියුටරක් දුටුමි" ඒ හුස්ම ගන්නා එකම  කම්පියුටරය ඔබේ දහසක් දේ කෙටි අංකයක් දක්වා අඩු කරයි.කලින් කිව පොතේ තමයි මෙහෙම ලියල තිබුනේ.පොතේ සදහන් කරලා තියෙන්නේ ගණනය කිරීමට දක්ෂ යම් පුද්ගලයෙක් ගැන..කම්පියුටරය කියන වචනයේ තේරුම ගණනය කරන්නා කියන එක.ගණනයට දක්ෂ අය හදුන්වල තියෙන්නේ මේ නමින්.පහු පහු වෙනකොට ඉතින් මේ වචනය ගණනය කිරීමේ යන්ත්‍ර වලට යොදාගෙන..



1930 දී ඩොලිස් නිල් හි තැපැල් කාර්යාල මද්‍යස්ථානයේ ඉංජිනේරුවෙකු විදිහිට සේවය කල ටොම් ෆ්ලවර්ස් කියන කෙනා දුරකථන හුවමාරු සදහා විද්‍යුත් තාක්ෂනය හොද ගැනීම සදහා පර්යේෂණ කරල 1934දි අමාරුවෙන් උපකරණයක් හදාගෙන ඊට අවුරුදු 5ට පස්සෙ තමයි දුරකථන හුවමාරු ජාලය වෙත යොදාගෙන තියෙන්නේ...

 ඇමරිකාවේ ජෝන් වින්සන්ට් ඒටනසොෆ් හා ක්ලිෆර්ඩ් ඊබෙරි විසින් ඉයෝවා ප්‍රාන්ත විශ්වවිදයලයේදී පරීක්ෂණ කරලා 1942 දී ඒටනසොෆ් බෙරි (ABC) කියන කම්පියුටර හදල තියෙනව..එය ප්‍රථම විද්‍යුත් අංක ගණනය කිරීමේ උපකරණය විදියට වාර්තා උනාලු..

ඒටනසොෆ් බෙරි කම්පියුටරය


දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මන් හමුදාවේ සන්නිවේදන ක්‍රියාවලියට බාධා කරන්න බ්‍රිතාන්‍ය විසින් කම්පියුටර් තාක්ෂණයක් යොදාගෙන.එය වැඩි දියුණු කරන්න ෆ්ලවර්ට භාර දුන්නට පස්සේ මාස 11ක් දුක්විදල නිශ්චිත වැඩ සටහන් සැලැස්මක් ඇති විද්‍යුත් අංක කම්පියුටරයක් හදල කොලෝසස් නමින් නම් කරා..එහෙත් එය සම්පුර්ණ කම්පියුටරයක් නොවේ..වේගවත් හා  නම්‍යශීලි කම්පියුටරයක් ලෙස ඇමරිකාවේ යුධ හමුදාවේ ගණනය කිරීම් වලට නිර්මාණය කල ENIAC නම් කරන්න පුළුවන්..මෙම කම්පියුටරය පෙන්සිල්වේනිය විශ්වවිද්‍යාලයේ ජෝන් මෝච්ලි සහ ප්‍රෙස්පර් එකර්ට් කියන දෙදෙනා සංවර්ධනය කරලා තියෙනව.මෙය ක්‍රියාකාරී තත්වයට ගෙන එන්න අවුරුදු 2ක් මහන්සි වෙලා තියෙනව..එහි මතකය බයිට් 80යි.ඒ කියන්නේ වචන 20ක් විතර තමා මතක තියා ගන්න පුළුවන්..

ඇමරිකා හමුදාවේ පළමු කම්පියුටරය(1943)


ඔහෝම හදපු කම්පියුටර් අද අතේ හරි සාක්කුවේ හරි ගෙන යන්න පුළුවන් උනාට එදා හදපු කම්පියුටර් ටොන් 30ක් බර හා කිලෝවොට් 200 විදුලි ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙනව.....

Wednesday, August 20, 2014

වාරියපොළ 'චන්ඩි රැජින'

වාරියපොළ සිද්ධිය හැමෝම දන්නවනෙ.මේ ගැන දන්නෙ නැති අයනන් නැතුව ඇති.බැරිවෙලාවත් හිටියොත් කියල ලිපියක් දැම්ම....






වාරියපොළ බස් නැවතුමේදී ප්‍රසිද්ධියේ තරුණයෙකුට පහර දුන් තරුණිය ගැන විමර්ශනයක් කරන්න කියල අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිදානය කියල තියෙනවලු.තමන්ගේ බලය අයුතු විදියට භාවිතා කරන එක වැරදියි නිසා විමර්ශනයක් කරන්න කියලයි කියන්නේ.වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයලත් මහතා මේ පිළිබදව පුද්ගලිකවම සොයා බලනව කියල ප්‍රකාශ කරලා තියෙනවා.

වීඩියෝ එක මෙතනින් බලන්න


[අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි]


Sunday, August 17, 2014

හඳේ ඉන්නේ හවා විතරද? (walking man' on the moon mystery solved)

හඳ  මතුපිට මිනිස් සෙවනැල්ලක් 




නාසා ආයතනය මගින් ලබා ගත් චන්ද්‍රයාගේ ජයාරූප වල මිනිස් සෙවනැල්ලක් පිළිබද මේ වන විට ලෝකය පුරා කථා බහ කරන බව ඔයාලත් දන්නව ඇතිනෙ.ඒක නිසා මේ ගැන විස්තර ටිකක් "හැමදේම" බ්ලොග් අඩවියෙත් ලිපියක් දන්නා හිතුනා.දැනට විද්වතුන් කියන විදිහට මෙම සෙවනැල්ල මිනිස් සෙවනැල්ලක්මද කියල හරියටම කියන්න බැරිලු.තවම මේ ගැන පර්යේෂණ පවත්වනවාලු.




මෙම සෙවනැල්ල මිනිසෙකුගේ බවට විශ්වාශ කලත්, එහි අන්තර්ගතය නාසා ආයතනය තවමත් ප්‍රකාශයක් කරලා නැහැ.සමහර විශ්ලේෂකයන් කියන විදිහට මෙය පිටසක්වල ජිවියෙකුගේ සෙවනැල්ලක් වෙන්නත් පුළුවන්ලු.කොහොම වෙතත් මෙම අබිරහස් සෙවනැල්ල පිලිබද පර්යේෂණ පටන් අරගෙනලු........ 


<<<අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි>>>

ෆෝන් නම්බර් එකෙන් address හොයන්න...

ෆෝන් නම්බර් එක තිබුනට address එක නැනේ..! දැන් ඒක ප්‍රශ්නයක් නෙවෙ.sri lanka telecom ආයතනයෙන් දැන් මෙම පහසුකම ලබා දීල තියෙනව.telecom නම්බර් වල address හොයා ගන්න මේ application එකෙන් පුළුවන්.මේ application එක පොඩි එකක් නිසා install කරන්න ඕන නැ.කාර්යාලයක වැඩ කරනවනම් මේක ඔයාට ගොඩක් වටිනව.

<<ඩවුන්ලෝඩ්>> කර ගන්න.



ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක් කරගන්න.එක්ස්ට්‍රැක් කරට පස්සේ එන ෆෝල්ඩර් එක ඕපන් කරලා එකේ ඇතුලේ තියෙන රතුපාට ෆෝන් එකක අයිකන් එක ඩබල් ක්ලික් කරන්න.


දැන් address එක හොයාගන්න ඕන telecom නම්බර් එක දීල සර්ච් කරන්න.

Sunday, August 10, 2014

ice dragon

වයිරස් අල්ලන වෙබ් බ්‍රව්සරය



ඔන්න ඔයාලට වැදගත් කියල හිතෙන ලිපියක් අරගෙන අවා.ගොඩක් අයට තියෙන කරදරයක් තමයි internet යනකොට පරිගණකයට වයිරස් එන එක.ඔන්න ඒ කරදරේ නැති කරගන්න පුළුවන් විදියක් ගැන මේ ලිපියෙන් කියල දෙනව.ඉතින් මේ කියන්න හදන්නෙ internet යනකොට ඔයාලගේ පරිගණකයට වයිරස් එන එක වලක්වන වෙබ් බ්‍රව්සර් එකක් ගැන.ඒ තමයි ice dargon වෙබ් බ්‍රව්සරය.

අයිස්ඩ්‍රැගන් (ice dragon) වෙබ් බ්‍රව්සරය ගැන කියනවනම් සාරලව හා වේගවත්ව හසුරවන්න පුළුවන්.මෙතනින් ගිහින් නොමිලේ ice dragon web browser එක බාගන්න පලුවන්.මේ වෙබ් බ්‍රව්සරයේ ඉන්ටෆේස් එක ෆයර්ෆොක්ස් පාදක කර ගත් වෙනත් වෙබ් බ්‍රව්සර් වලට වඩා වෙනස් එකක්.


මේ හරහා වෙබ් අඩවියකට යනකොට මැල්වෙයා වැඩසටහන් තිබෙනවද කියල පරික්ෂා කරනව.එහෙම තිබොනොත් ඔයාගෙ පරිගණකයට එන එක වළක්වනවා.මෙම වෙබ් බ්‍රව්සර් එක ගොඩක් වේගවත්.එහෙම වේගවත් වෙලා තියෙන්නේ මොකක් හරි වෙබ් පිටුවක් සකසලා පෙන්වන්න ගත වන වෙලාව අඩු කරන්න විශේෂ උපක්‍රම ice dragon වෙබ් බ්‍රව්සර් එකේ තියෙන නිසා.
කලින් කිව වගේ මේ හරහා විවෘත්ත කරන හැම වෙබ් පිටුවක්ම ස්වයංක්‍රියවම වයිරස් පරීක්ෂාවකට ලක් කරනව.නිකන් එහෙම සැටිස් නෑ නෑ වගේනම් ඔයාටම පුළුවන් ආපහු වයිරස් පරීක්ෂාවක් කරන්න.එක කරන හැටිත් කියන්නංකො,
                                           ඉස්සරවෙලාම වෙබ් පිටුව open කර ගන්නකො.ඊට පස්සේ වෙබ් බ්‍රව්සරයේ දකුණු පැත්තේ උඩම තියෙනව make a page scan with comodo web inspector කියල බටෝන් එකක්.ඒක ක්ලික් කරාම වැඩේ හරි ඔන්....හැබැයි මේකත් කියන්න ඕන.ඔයාම scan කරන්න දුන්නාම ටිකක් ස්ලෝව්.ඒ උනාට සුප්ප එකට scan වෙනව.මේකේ තවත් ඔයාලට වැදගත් වන දෙයක් තියෙනව.වෙබ් පිටුවක තියෙන දෙයක් සමාජ ජාල(facebook වගේ) වෙබ් අඩවියකට ෂෙයාර් කරන්න පුළුවන්.ඔන්න එකත් කරන හැටි කියනවා,
             
         

       ඔයාට ෂෙයාර් කරන්න ඕන වෙබ් පිටුව open කරලා වෙබ් බ්‍රව්සරයේ දකුණු පැත්තේ උඩ තියෙන share this page in social කියන බටොන් එක රයිට් ක්ලික් කරනව.එතකොට ෆේස්බුක්,ටුවිටර් වගේ සමාජ ජාල වෙබ් අඩවි වල අයිකන් පෙන්වනව.ඔයාට ෂෙයාර් කරන්න ඕන එක තෝරලා ok කරන්න.ඔන්න එතකොට සුපුරුදු පරිදි යුසර්නේම් එකයි පාස්වඩ් එකයි ඉල්ලනව.එකත් දුන්නාම ඔයාට ඕන සමාජ ජාල වෙබ් එකට යනවා.දැන් පුළුවන් ඔයා කලින්  open කරපු වෙබ් පිටුව ෂෙයාර් කරන්න.

ice dragon නොමිලේ බාගන්න මෙතනින් යන්න.....___------->>>>>>

Saturday, August 9, 2014

web cam chat

chat කරන්න නියම වෙබ් සයිට් එකක්

ඔන්න යාලුවනේ අද ලිපියෙන් කියන්න යන්නේ ඔන්ලයින් චැට් කරන්න පුළුවන් පට්ට වෙබ් සයිට් එකක් ගැන.
log වෙන ඕනෑම වෙලාවක පිටරට අයත් එක්ක චැට් එකක් දන්නා පුලවන්.මේ වෙනකොට මේ සයිට් එක ගොඩක් ජනප්‍රිය වෙලා.
හදල තියෙන්නේ අවුරුදු 17ක කෙනෙක්.flash වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

                                                      වෙබ් සයිට් එකට මෙතනින් ගිහින් බලන්නකො 

යැංකි උකුසු ඇස

ඇමරිකාව පිටරටවල ඔත්තු බලන පරිගණකයක් තනයි

වෙනත් රටවල ඔත්තු බැලීමට ඇමරිකාව විසින් ඇති ප්‍රබල පරිගණකයක් නිර්මාණය කර ඇති බව ඇමරිකාවේ සිටි ඔත්තු බලන නිලදාරියෙක් වන එඩ්වඩ් ස්නොඩන් කියල තියෙනව.ඇමරිකාවේ ආරක්ෂක ඒජන්සියක් වන (NSA) ක්වොන්ටම් පරිගණකයක් තනා ඇත,ඩිජිටල් ආරක්‍ෂිත උපක්‍රම ඇසුරෙන් සගවා ඇති (encrypted) දත්ත ඉක්මනින් සහ පහසුවෙන් කියව ගන්නට එම පරිගනකයෙන් පුළුවන.ලෝකයේ ඕනෙම රටක බැංකු,රාජ්‍ය ආයතන,තානාපති කාර්යාල,වෙළද සමාගම් වලට අයත් රහස් තොරතුරු කියව ඔත්තු බලා ගන්න පුළුවන්.මෙම පරිගණකය නිර්මාණය කරන්න 'penetrating hard targets' නමින් ව්‍යාපෘතියක්ද අරම්න්භ කරල තියෙනවා.මේකට කෝටි 08ක පමණ අරමුදලක්ද සපයලයි තියෙන්නේ.දැනට මෙම පරිගණකය එකලස් කරල සාර්ථකව ක්‍රියාත්මක කරල බලල තියෙනව ඇමරිකාවේ මේරිලන්ඩ් ජනපදයේ තැනකදී.මෙම ක්වොන්ටම් පරිගණකයෙන් එකවර දත්ත විශාල ප්‍රමාණයක් කියවීමේ හැකියාව වගේම විසදන්නට බැහැ කියන ආරක්ෂක දත්ත සැනකින් සකසල දෙනවලු.එයට හසු නොවන සේ දත්ත සගවන්න ක්‍රමයක් නැහැ.එසේ සිදු වන්නේ මෙම පරිගණක වල තාක්ෂනය ඩිජිටල් පරිගණක වල තාක්ෂණයට වඩා වෙනස් නිසාලු.

සාමාන්‍ය පරිගණක වල දත්ත නියෝජනය කරන්නේ 0 සහ 1 වශයෙන් සටහන් කර තේරුම් ගන්නා එකිනෙකට වෙනස් සිදුවීම් දෙකක් (එනම් ඇත සහ නැත යන සිදුවීම් දෙක ) අනුසාරයෙනි.ට්‍රාන්සිස්ටරයක් හරහා විදුලිය ගමන් කරවා ලබා ගන්නා ස්පන්දන රටාවකට අනුව.මෙහෙදී දත්ත මනින්නේ බයිනරි ඩිජිට් හෙවත් බිට් (bit) වලනි.ක්වොන්ටම් පරිගණක වල දත්ත නියෝජනය වන්නේ උප පරමාණුක අංශු වල ක්වොන්ටම් අවස්ථා පාලනය කර ලබා ගන්නා තරංග රටාවකට අනුවය.මෙහෙදී දත්ත මනින්නේ ක්වොන්ටම් බිට්ස් හෙවත් ක්වොබිට්ස් (qubits) වලින්ය,එහෙදි එකවරකදී 0 සහ 1 යන සිදුවීම් දෙකෙන් එකක් නොව  අතරමැදි අවස්ථාවක් වෙතොත් එයද ග්‍රහණය කර ගැනීමට පුළුවන්.එනම් 0,1 සහ 01ලෙසය.බොහෝ ක්වොන්ටම් පරිගණක තිබෙන්නේ පරීක්ෂණාගාර වලය.ලොව දැනට ඇති එකම වාණිජ ක්වොන්ටම් පරිගණක පද්දතිය කැනඩාවේ ඩි වේව් සමගම විසින් සකසන ලද  ඩි වේව් (D weva)ය.එය වර්ග මීටර් 10ක ප්‍රදේශයක අසුරා ඇති ක්වොබිට්ස් 512ක ප්‍රොසෙසරයකින් ක්‍රියාත්මක වේ..

Monday, August 4, 2014

PDF unlock

PDF ෆයිල් වල පාස්වර්ඩ් ඉවත්කර දෙන 'පාස්වඩ් රිමුවර්'


වෙන කෙනෙකුට විවෘත කරන්න බැරි හෝ සංකරණය කරන්න බැරි වෙන්න පාස්වඩ් දාල තියෙන පීඩිඑෆ් ෆයිල් වල පාස්වඩ් අයින් කරලා දෙන වෙබ් සේවයක් තියෙනවා.ඔයාගෙ පරිගණකයේ තියෙන පීඩිඑෆ් ෆයිල් එක මෙම වෙබ් සේවයට අප්ලෝඩ් කරල පාස්වඩ් අයින් කරලා ඔයාලගේ ඊමේල් එකවුන්ට් එකට ගෙන්න ගන්න පුළුවන්.


වෙබ් එකට යන්න ඕන අය මෙතනින් යන්න>>>>>>

පරිගණකයේ කරන වැඩ රෙකෝඩ් කර ගන්න

screencast-o-matic

පරිගණකයෙන් වැඩ කරනකොට තිරයේ පෙන්වන දේ ඒ විදියටම රෙකෝඩ් කරගන්න ඕනද?මේ විදියට රෙකෝඩ් කරල දෙන වෙබ් සයිට් එකක් තියෙනවා.වැඩ කරන්න කලින් මෙම වෙබ් සේවයට ගිහින් එකේ තියෙන බටන් එකක් click කරල රෙකෝඩ් විදානය දෙන්න පුළුවන්.කැමති වෙලාවක නවත්වල රෙකෝඩ් ෆයිල් එක බාගන්න හරි ෂෙයාර් කරන්න හරි පුළුවන්.


වෙබ් සයිට් එකට යන්න ඕන කස්ටිය මෙතනින් යන්න..>>>>

Friday, August 1, 2014

ඔබේ පෙන් එකෙත් ෂෝට්කට්ද ?

shortcut  virus remove කර ගන්නේ කෙසේද ?



ඔයාගෙ පෙන් එකටත්  මේ කරදරේ තියෙනවද?   මේ වයිරස් එකෙන් ඔයාගෙ පෙන් එකේ තියෙන ඒවා ෂෝට්කට් කරල හයිඩ් වෙනවා.මේ වයිරස් එක ඔයාගෙ පෙන් එකෙන් අයින් කර ගන්න සොෆ්ට්වෙයා 3ක් තියෙනවා.එම සොෆ්ට්වෙයා තුන ඔයාට මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්.

  1. Shortcut virus remover download
  2. Clean pen download
  3. Hide virus clean download
මේ සොෆ්ට්වෙයා ඔයාගෙ පෙන් එකට කොපි කර රන් කරන්න.(Run insid the pen drive)