Thursday, July 31, 2014

TRUCKS AND TRAILERS _ game

කැමතිද ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ??





මම අද ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ අලුතින් ආව Game එකක් ගැන...බලන්නකෝ හොදද කියල//... .ට්‍රක්ස් ඇන්ඩ් ට්‍රේලර්ස් පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩකයාට ට්‍රක් රියදුරෙකු ලෙස  ක්‍රීඩා කිරීමට සිදු වේ.මෙහෙදී තමන්ට ලැබෙන විශාල ට්‍රක් රථයේ භාණ්ඩද පටවාගෙන ලබා දෙන කාල සිමාව තුලදී නියමිත ස්ථානයට ගෙන යා යුතුය.එය භාධක සහිත ගමනකි.

ඕනෙම අවස්ථාවක ධාවනය අරබන්න කලින් ට්‍රක් රථය ධාවනයට සුදුසු තත්වයෙන් තිබේද යන්න ගැන පරික්ෂාකාරී විය යුතුය.එහි ටයර්,බ්රේක් සහ ඉන්දන ප්‍රමාණය ගැන සොයා බැලිය යුතුය.ධාවනයේදී ඉන්ධන ප්‍රමාණය පෙන්වයි.ගමන අතර මැද හමුවන ඉන්දධන පිරවුම්හල් වලින් ඉන්දන පුරවා ගත හැකිය.ඇතැම් අවස්ථා වලදී රථය ධාවනය කල යුත්තේ පටු හෝ වංගු සහිත මාර්ග වලය.තවත් අවස්ථා වලදී මාර්ගය හරහා ඊට ඉහලින් පාලම් හෝ විශාල පුවරු වැනි භාධක යොදා තිබේ.එවැනි තැනක් හමු වූ විට තමන් ගෙන යන භාණ්ඩ හෝ රථයේ උස පිළිබද සැලකිලිමත් විය යුතුය.නැතිනම් අනතුරක් සිදු වී ලකුණු අඩු වේ.ඇතැම් අවස්ථා වල පටු ස්ථාන වල රථය ගාල් කිරීමට ක්‍රීඩකයාට සිදු වේ.



මෙම පරිගණක ක්‍රීඩාවේ ග්‍රැෆික් නිර්මාණ ත්‍රිමාණ රූපිව ඇත.ක්‍රීඩකයාට ලැබෙන ට්‍රක් රථද ලෝකයේ දැනට ඇති ජනප්‍රිය ඒවායඑහි වෙළද නාම පාවා ඒ ලෙසටම යොදා තිබෙනවා.එසේම මාර්ගයේ  වෙනත් වාහන මිනිසුන් මෙන්ම ගොඩනැගිලි ඇතුලත් පරිසරයක් ඇත.

වැඩි විස්තර මෙතනින් ලබා ගන්න.!!!




Wednesday, July 30, 2014

ත්‍රී ඉන් වන් කොම්පියුටර්(Asus Transformer book v)

Asus Transformer book v


ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට,ඔන්න අදත් අරගෙන අවා අළුත් ලිපියක්.අද මම මේ ලිපියෙන් කියන්නේ අමුතුම computer එකක් ගැන.ලැප් ටොප් පරිගණකයක්, ටැබ්ලට් පරිගණකයක්,ස්මාර්ට් ෆෝන් එකක් එකක් එකතු කරල හදපු අමුතුම එකක්.මේක හදුන්වල තියෙන්නේ අසුස් ට්‍රාන්ස්ෆෝමර් බුක් ෆයිව් (Asus Transformer book v ) කියන නමින්..


බැලු බැල්මට ලැප්ටොප් පරිගණකයක් වගේ පෙනුනට keybord එක ගලවා ටැබ්ලට් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.ඒ විතරක් නෙවේ ටැබ්ලට් පරිගණක කොටසේ පිටුපස ගලවල ගන්න පුළුවන් විදියට ස්මාට්ෆෝන් එකකුත් තියෙනව.
  • ලැප්ටොප් පරිගණකය
අගල් 12.5ක ටච් ස්ක්‍රීන් එකකින් සය 128mb මතකයකින් සමන්විතයි.වින්ඩෝස් 8.1 මෙහෙයුම් පද්දතියත් තියෙනව.


  • ස්මාට්ෆෝන් කොටස
Android 4.4 මෙහෙයුම් පද්දතියක් ඇති අතර 2GB Ram මතක ධාරිතාවක් ඇත.මෙගා පික්සල් 8ක කැමරාව.ඉන්ටෙල් ඇටම් (Moorefield quad-core Atom) ප්‍රොසෙසරයක් ඇත.අගල් 5ක display එකක්ද 2500mAh  බැටරියක්ද ඇත.


මෙම ස්මට්ෆෝනය ටැබ්ලට් පරිගණකයේ පිටුපසට සවි කල විට එමගින් ටැබ්ලට් පරිගණකය ක්‍රියාත්මක කල හැකිය.ටැබ්ලට් පරිගණකයේ ක්‍රියාත්මක වන Windows 8.1 මෙහෙයුම් පද්ධතිය වෙනුවට Android මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙනවා.Windows 8.1 මෙහෙයුම් පද්ධතිය අවශ්‍ය වූ විට යතුරුපුවරුව සවිකර පසෙක ඇති බොත්තමක් ඔබන්න ඕන. මෙහෙයුම් පද්ධති දෙකක් ක්‍රියාත්මක වන පරිගණක හයිබ්‍රිඩ් ඕඑස් (Hybrid os) නමින් හදුන්වනව,

ඔයාල දන්නවනෙ Windows අයිති Microsoft ලට Android අයිති Google ලට කියල.Android සහ  Microsoft මෙහෙයුම් පද්ධති දෙකම ධාවනය වන පරිගණකයක් හදන්න එකගතාවයකට ඇවිල්ල නැ.ඒ නිසා මේ පරිගණකය වෙළදපොලට එන දවසක් හරියටම කියන්න බැ කියල අසුස් සමගම කියල තියෙනවා.


එහෙනම් ගිහින් එන්නම්.ජය වේවා!!!!!




Tuesday, July 29, 2014

Monday, July 28, 2014

E money හොයන්න ලංකාවේ වැඩක්....

ඔන්න එහෙනන් අළුත් ලිපියක් අරගෙන අයෙත් ඕගොල්ලෝ හම්බවෙන්න අවා.අද ලිපියෙන් කියන්නේ අන්තර්ජාලයෙන් කොහොමද සල්ලි හොයන්නේ කියල.ගොඩක් අය දන්නවනෙ e money කියුවාම clixsense,neobux වගේ ඒවා ගොඩක් තියෙනව කියල.මේ හැම එකක්ම පිටරට ඒවා කියලත් ඔයාල දන්නවනෙ.මේවගේ ad click කරපුවාම පොඩි ගානක් හම්බවෙන්න.ටිකක් මහන්සි වෙන්න ඕන.එපා වෙනව......දැන් තියෙනව ලංකාවේ අපිට හරියන අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න ලංකාවේ වැඩක්.මේකෙ ad click කර කර නිකන් දගලන්න ඕන නැ.

මේක හදල තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක්.mobile app නිර්මාණය කරන භාෂා ලංකා සමාගම තමයි වැඩේට අත ගහල තියෙන්නේ.ලංකාවේ e mony ගැන උනන්දු වන ඔයාලට මේක ගොඩක් වටිනවා.වැඩි විස්තර ඇතිනෙ...දැන් බලමු වැඩේ කරන්නේ කොහොමද කියල....


  • කොහොමද Register වෙන්නෙ?
ඉස්සලාම  මෙතනින් ගිහින් Register වෙන්නකො

  • For Advertisers කියන්නෙ මොකද්ද?
දැන්වීම් ප්‍රචාරකයන් විදියට ad link ආරම්භ කරන්න පුළුවන්.මේකෙන් ඔයාලගේ PPC අන්තර්ජාල දැන්වීම් ජාලය හරහා ඔයාගේ ව්‍යාපාරයට පුළුල් ප්‍රචාරයක් ලබාගෙන ඔයාගේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කර ගන්න පුළුවන්.ඔයාලගේ වෙළද දැන්වීම් අන්තර්ජාලය පුරා ඇති ලංකාවේ වෙබ් අඩවි වල පල කරගන්න පුළුවන්.

  • එතකොට මේ For Web/Blog authors කියන්නේ මොකද්ද?

වෙබ්/බ්ලොග් කර්තෘන් සඳහා තමා මේක තියෙන්නේ.ඒ කියන්නේ ඔයාගේ වෙබ්/බ්ලොග් අඩවි වල වෙළද දැන්වීම් පළ කර ad link වලින් මුදල් උපයා ගන්න.ඔයාලගේ වෙබ් හරි බ්ලොග් අඩවි වල පෙන්නන දැන්වීම් click කරන හැමවෙලාවෙම ඔයාලට සල්ලි හම්බවෙනව.adlink වල වාසිය තමා ලංකාවේ වෙළද දැන්වීම් විතරක් පළ කරන නිසා ගොඩක් අය click කරන එක.

  • For App developers ... ඇප් නිර්මාපකයන් සඳහා...


මේකෙදි ඔයාලගේ ජංගම ඇප් මෘදුකාංග වල වෙළද දැන්වීම් පළ කරල ad link වලින් සල්ලි හොයන්න පුළුවන්.මේකෙදි අපේ ඇප් මෘදුකාංගයේ පෙන්නන දෙන්වීම් click කරන හැම වෙලාවෙම අපිට මුදල් හම්බ වෙනව.

ඔන්න ඔයාට පුළුවන් දැන් කැමති එකක් තෝරාගෙන Get Started Now දෙන්න.

  

මෙතෙන්ට අවම ඔයාලගේ තොරතුරු ටික පුරවල Register කරන්න.ඔන්න දැන් හරි.

තව දෙයක් කියන්න ඕන 

ඔයා Web Publisher කෙනෙක් විදියට Register උනානම් adlink එකෙන් ඔයාලට දැන්වීම් දාන්න Script code එකක් දෙනවා.code එක හරියට වෙබ් අඩවියට එකතු කලාම දැන්වීම පළ වෙනව.ඕනෙම වෙබ් අඩවියක දැන්වීම් පළ කරන්න පුළුවන්.

  • කොහොමද සල්ලි හම්බවෙන්නෙ?
ad click එකකට ලැබෙන මුදල එ ad එකේ හැටියට වෙනස් වෙනව.ඉහල මුදලක් ගෙවන ad එකක් ඔයාගේ වෙබ් අඩවියේ පළ වෙනවනන් ඒක ඔයාගේ පාඨකයන් click කරොත් ඔයාලට එ සදහා ලැබෙන මුදල වැඩි වෙනව.අඩුම ඔයාට රු.1000න් මුදල් Withdrow කරන්න පුළුවන්.ඒ මුදල් ඔයාගේ බැංකු ගිණුමට කෙලින්ම දා ගන්න පුළුවන්.

  • මෙච්චර කියපු එකේ මේකත් නොකියම බැනේ.
මේකෙ හොර වැඩ කරන්න බෑ.ad link වල Security එක ඉහලම තැනක තියෙන්නේ.ඔයාගෙම වෙබ් අඩවියේ දැන්වීමක් ඔයාටම click කරන්න බෑ.හොර වැඩ කරන්න ගියොත් ඔයාගේ Account එක Suspend වෙනව.


අළුත් ලිපියකින් හම්බ වෙනකන් ඔයාලට ජය!!!!!

Sunday, July 27, 2014

blog එකක් හදන්න ඉගෙන ගන්න...


බ්ලොග් එකකින් පුළුවන් තමන් දන්න දේවල් හරි තමන්ගේ හිතේ තියෙන දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්න.ඉතින් මමත් හිතුව මගේ අදහස් ඔයාලත් එක්ක බෙදා ගන්න.ඒක නිසා මම බ්ලොග් එකක් හැදුව.දැන් ඔයාලත් අසාවෙන් ඉන්නවනේ එකක් හදන්න...ඔන්න එහෙනන් බ්ලොග් එකක් හදමු.වැඩේ අමාරු නෑ.
බ්ලොග් එකක් හදා ගන්න නොමිලේ දෙන සේවාවල් ඕන තරම් තියෙනව.ඒවා ගැන මම ගොඩක් දන්නේ  නෑ.මම ඔයාලට කියන්නන් ලේසියෙන්ම බ්ලොග් එකක් හදාගන්න විදිය.හැමෝම දන්නවනෙ google ගැන.google ලගේ තියෙනව blogger සේවාවක්.

මේකට ඔයාට ඕන වෙනව Gmail Account එකක්.ඔයාල Gmail භාවිතා කරනවානම් දැනටමත් ඕක තියෙනවනේ..තියෙන අය අලුතින් එකක් හදා ගන්න එක කෝකටත් හොදයි.එහෙනන් මෙන්න මෙතනින් ගිහින් Gmail Account එකක් හදා ගන්නකො...ඔයාලගේ Browser එක Chrome හරි Firefox හරි වෙන්න ඕන.

ඊට පස්සේ www.blogger.com එකට යන්න.එතකොට ඔයාට එනවා මේ වගේ එකක්.ඔය අර කලින් හදපු Email එකේ Username එකයි Password එකයි දීල


Sign in කරන්න.ඊට පස්සේ එයි මේ වගේ එකක්....


continue to blogger කිලික් කරන්න.ඔන්න එතකොට ඔයාට එයි මේ වගේ එකක්...


මේක වගේ එකක් අව නේද? එක තියෙනව New blog කියල.එකට ගියාම පහල රූපෙ තියෙනව වගේ එකක් එනවා.



Title කියල තියෙන තැනට ඔයාගේ ග්ලොග් එකේ නම දෙන්න.ඔය බ්ලොග් එකේ ලියන දේවලට ගැලෙපෙන නමක්නම් ගොඩක් හොදයි.Address එකට බ්ලොග් එක address එක දෙන්න.ඔය කැමති එකක් දෙන්න.

Template කියන්නෙ ඔයාගේ බ්ලොග් එක අනිත් අයට පෙනෙන විදිය.කැමති එකක් තොරල Create blog කරන්න.ඔන්න බ්ලොග් එකක් හදන වැඩේ හරි.එහෙනන් දැන් ඔයාටත් බ්ලොග් එකක් තියෙනව.


දැන් අදහස් මෙතන ලියල Publish post දුන්නම ඒක බ්ලොග් එකෙන් බල ගන්න පුළුවන්...



අයෙමත් ලිපියකින් මම ඔයාලව හම්බවෙනකන් ඔයාලට ජය වේවා!!!!!